මෙම යෙදුම ඉගෙනුම් වැඩපත්‍රිකා, ළමා කතන්දර, සිංහල හෝඩිය හා වචන, ඉංග්‍රීසි හෝඩිය හා වචන, ඉලක්කම්, හැඩතල, සතුන්, එළවළු, පලතුරු, වාහන, පාට වර්ග, ආප්තෝපදේශ, ඉඟි වැකි වැනි ඉගෙනුම් ආධාරක රැසකින් මෙය පරිපූර්න වී ඇත. ඒ වගේම ඉදිරියේදි තවත් අළුත් සේවා රැසක් මේ සඳහා එක් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
දිනෙන් දින යාවත්කාලීන වෙන මෙම යෙදුම තුල අන්තර්ගතයන් දිනපතා අළුත් වේ.විශේෂයෙන්ම අපි මෙම යෙදුම නිර්මාණය කරනු ලැබුවෙ ගුණ නැණ බෙලෙන් යුතු මතු පරපුරක් නිර්මාණය කිරීමට වගේම.
මුල් ළමාවිය සංවර්ධනයේදි අත්‍යවශ්‍ය ඉගෙනුම් ආධාරක රැසක් එකම යෙදුමක් තුළ අන්තර්ගතවීම මෙහි ඇති සුවිශේෂිත්වයයි.ඒ වගේම මෙහි මුද්‍රණයට පහසුවෙන අයුරින් ඉගෙනුම් වැඩපත්‍රිකා රැසක් මේ තුළින් ඉදිරිපත් කිරීමට.
තවද දිනෙන් දින නවතම කතන්දර වලින් මෙම යෙදුම යාවත්කාලීන වේ.ඔබ දෙමාපියෙක් හෝ ගුරුවරයෙක් නම් ඔබට එම කතන්දර පුංචි ළමුන්ට කියා දීමට .ඒ සඳහා මෙම කතන්දර ගොනුව ඔබට මහඟු තෝතැන්නක් වන බව.
ඒ වගේම බහුවරණ (MCQ) ස්වරූපයට සකස් කරන ලද සාමාන්‍ය දැනීම් ප්‍රශ්ණ රැසක්ද මෙම යෙදුමෙහි අන්තර්ගත කර ඇත.